රටම ආපදාවෙන් පීඩාවිඳිමින් සිටි පසුගිය 27 වැනිදා නිල ඇඳුමින් සිය කාර්යාලය තුළ මත්පැන් පානය කළ බව කියන බකමූණ පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට පොලොන්නරුව කොට්ඨාසයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පියවර ගෙන තිබේ. බකමූණ පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති පුටුවේ රැඳී සිටිමින් ඔහු මත්පැන් පානය කර ඇතැයි ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයකදී අනාවරණය වී තිබේ. මෙම නිලධාරියා උප පොලිස් පරීක්ෂකවරයෙකි. ඔහු මත්පැන් පානය කරන අයුරු යම් අයෙක් විසින් වීඩියෝගත කර බුද්ධික මනතුංග මහතාට වට්ස්ඇප් මඟින් පසුගිය 11 වැනිදා යොමුකර ඇත. ඒ අනුව විමර්ශනය ආරම්භකර තිබේ.