අශෝක රන්වලගේ වෛද්‍ය වාර්තාව නෑ... පොලීසියෙන් දැනුම්දීමක්!

හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ වෛද්‍ය වාර්තාව මෙතෙක් පොලිසිය වෙත ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් සඳහන් කරයි. මන්ත්‍රීවරයාගේ වෛද්‍ය වාර්තාව පොලීසිය වෙත ලැබීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි නීතිමය පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් සඳහන් කරයි. මන්ත්‍රීවරයා ධාවනය කළ ජිප් රථය තවත් මෝටර් රථයක සහ යතුරු පැදියක ගැටී සිදුවු අනතුරින් මන්ත්‍රීවරයා සහ අනෙක් මෝටර් රථයේ ගමන් කළ කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලැබුවෙිය.