පුද්ගලයකුගේ දත් හතරක් කැඩූ ප්‍රා. මන්ත්‍රීට ඇප

පොළොන්නරුව ලංකාපුර දී ප්‍රදේශයේ දී පුද්ගලයකුට පහරදී දත් හතරක් කඩා බරපතල තුවාල සිදු කළැයි කියන ලංකාපුර ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි පොළොන්නරුව අතිරේක මහේස්ත්‍රාත් ශලණි ගුණවර්ධන මහත්මිය අද (15) නියෝග කළාය.