ගාල්ල මන නගර සභාවේ ලබන වසර(2026) සඳහා වු මංගල අය වැය ලේඛණය ඊයේ (15) පැවැති නගරසභා මාසික රැස්විමේ වැඩි ජන්ද දෙකකින් පරාජයට පත්විය. ගාල්ල මහ නගරාධිපති සුනිල් ගමගේ විසින් සිය මංගල අයවැය ලේඛණය සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු අයවැය විවාදය පැවැත්විණි. අයවැය විවාදයෙන් පසු ඡන්ද විමසිම පවැති අතර ගාල්ල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ප්‍රියන්ත සහබන්දු ( ශ්‍රිලංකා පොදුජන පෙරමුණ) ද අයවැයට විරුද්ධව සිය ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයෙකි. ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 17ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 19ක් ලැබුණි. අයවැය ලේඛනය වැඩි ඡන්ද 02කින් පරාජයට පත්විය. සමගිජනබලවේගය, එජාපය, ශ්‍රිලංකාපොදුජන පෙරමුණ, පොදුජනඑක්සත් පෙරමුණ යන පක්ෂවල මන්ත්‍රිවරු 19 දෙනා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශකරණු ලැබිය. නගරාධිපතිවරයා ඇතුළු ජාතික ජනබලවේගයේ මන්ත්‍රිවරු 17 දෙනා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ලැබිය. ගාල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා තෝරා ගැනිම සදහා පැවති ඡන්ද විමසිමේ දී ජාතික ජනබලවේගයේ සුනිල් ගමගේ ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ සහයෝගය ඇතිව නගරාධිපති ධුරයට පත්වී නගර සභාවේ බලය තහවුරුකරගනු ලැබිය. එහිදී ප්‍රියන්ත සහබන්දු ගාල්ල මහ නගරසභාවේ නියෝජ්‍ය නගරාධිපති ධුරයට නිතරගයෙන් තේරී පත්විය. වසර 159 පැරැණි ගාල්ල මහ නගර සභා ඉතිහාසයේ අය වැය ලේඛනයක් පරාජයට පත් වු ප්‍රථම අවස්ථාව මේ වන්නේයෙ කෙසේ වුවද පවතින පළාත පාලන නීතිය අනුව සති දෙකක් ඇතුළත නැවත වරක් මෙම අය වැය ලෙඛණයට සංශෝධිත අය වැය ලෙඛණයක් ලෙස ඉදිරිපත් කිරිමට පාලක පක්ෂයට අවස්ථාව උදාවේ.