තෙල්දෙණිය කරල්ලියද්ද නවනගරයේ හෝටලයක අන්තරායකාරක විෂ මත් ද්‍රව්‍ය ලඟ තබා ගනිමින් සහ ඒවා භාවිතා කරමින් , මත් සාදයක් පැවැත්වී යැයි ඇප මත මුදා හැර සිටි සැකකරුවන් 27 දෙනාගෙන් 25 දෙනකු අධිකරණයේදී වරද පිළිගැනීම නිසා ඔවුන් සියලු දෙනාට රුපියල් 1,65,000ක දඩයක් ගෙවැන්නැයි තෙල්දෙණිය මහේස්ත්‍රාත් කමල් සංජය ජයතිලක මහතා ඊයේ (17) නියෝග කළේය.