රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙන්න සූදානම්!

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ සහයෝගීතා සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන අතර පක්ෂ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඊයේ (17) දැනුම් දී ඇත. විපක්ෂයේ පක්ෂ සියල්ල ලබන වසරේ සිට ඒකාබද්ධ වෙමින් ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ජන බලයක් ගොඩනැගිය යුතු බැවින් ඉහත සාකච්ඡා කඩිනම් කරන්නැයිද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දී ඇත. පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (17) පස්වරුවේ රැස්විය. පක්ෂ දෙක එකතු විය යුතු යැයි, සාකච්ඡා වලදී එකඟතාවයකට පැමිණියහොත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය කැමති නම් තමාට එය ගැටළුවක් නොවේ යැයිද හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සඳහන් කර ඇත. හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, “මම පක්ෂ නායකයා ලෙස බොහෝ කල් හිටියා. රටේ ජනාධිපති වුණා. යන්න පුළුවන් ඉහළම තැනට ගිහින් ඉවරයි. ඒ වගේම රට අසීරුම මොහොතකට පත් වූ අවස්ථාවේ රට බාරගෙන ඉහළට ඔසවා තබන්නට කටයුතු කළා. ඒ නිසා අත්හැරීම මට ගැටලුවක් නොවේ.”