දිට්වා සුලි කුණාටුවෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ ආපදාවට ලක් වී වන්දි මුදල් ලබා ගත් පිරිසගේ නාම ලේකනයක් ග්‍රාම සේවා කාර්යාලයේ ප්‍රදර්ශනය කිරිම අනිවාර්ය බවට නුවරඑලිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදි (16) දින තීරණයක් ගත් බව එම කමිටුවේ සභාපති නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. මංජුල සුරවීර ආරච්චි මහතා පැවසීය. නුවරඑලිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විම එම කමිටුවේ සභාපතිගේ ප්‍රධානත්වයෙන් (16) දින නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් ආචාර්ය ශාලාවේදි පැවැත්විණ. මෙහිදි ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනයේ නිර්දේශ සහිතව දිට්වා සුලි කුණාටුවෙන් විපතට පත් අය වෙනුවෙන් නිවාස ඉදි කර එම අවතැන් වුවන් කඩිනමින් පදිංචි කිරිමටද පියවර ගෙන ඇත. දිට්වා සුලි කුණාටුවෙන් කඩා වැටී තිබූ නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්වයට පත් කිරිමට කඩිනමින් හැකි වූ බවත්, දැනට විදුලි බලය නොමැති කොත්මලේ, වලපනේ සහ හගුරන්කෙත යන ඇතුම් ස්ථානවලට කඩිනමින් විදුලි බලය ලබා දිමටත්, එම කමිටුවේදි තීරණය කෙරිණ. අවතැන් කදවුරුවල සිටි විශාල පිරිසක් ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනයේ නිර්දේශ මත ඔවුන් පදිංචි ස්ථානවලටම ආපසු යොමු කල බවත්, දැනට ආරක්ෂිත කදවුරුවල සිටින අයට අවශය පහසුකම් සහ ආහාර පාන අඛණ්ඩව ලබා දීමටත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදි තිරණය කෙරිණ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය දා නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි කැදවු විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විමෙදි ගත් තීරණ එම දින වකවානු තුලම ක්‍රියාවට නැංවීමට අවශ්‍ය තීන්දු තිරණ (16) දින දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විමෙදි ගත් බවයි නුවරඑලිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. මංජුල සුරවීර ආරච්චි මහතා කියා සිටියේ. මෙම රැස්වීමට නුවරඑලිය දිස්ත්‍රික්කය නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්, පා.ම. වි රාධා ක්‍රිෂ්ණන්, නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය ඇතුලු පළාත් පාලන ආයතන රැසක සභාපතිවරුන් සහ සභාකයින් පැමිණ සිටියහ. - රංජිත් රාජපක්ෂ