ඇමති සමන්ත පැන් කලයෙන් දිය දොවා උමා ඇලේ දියවර මුදයි!

බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම ප්‍රදේශයේ ඇති ඌමාඇල අමුණ පසුගිය දා ඇති වූ ආපදා තත්ත්වයෙන් විනාශයට ලක්වූ අතර එය ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර 17 දින දියවර නිදහස් කරන ලදි. වර්ෂ 1856 දි ආරම්භ වූ මෙම උමා ඇල ව්‍යාපෘතිය මගින් උඩරට එළවලු වගාවට 65% ක පමන දායකත්වයක් ලබා දෙන වාරි ව්‍යාපෘතියක් ලෙස සැලකේ. මෙම ව්‍යාපෘතිය කිලෝමීටර 17 ක් පමණ දීර්ඝ වන අතර ගොවි පවුල් පන්දහසකට අධික ප්‍රමාණයක් සිය ගොවිතැන් කටයුතු සිදු කරනු ලබයි. වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ නිළධාරින් හා ප්‍රාදේශිය ඉන්ජිනේරු අධීක්ෂණය යටතේ යුධ හමුදාව, මහා සංඝ රත්නය, ප්‍රාදේශිය ගොවි සංවිධාන නියෝජිතයන් හා ප්‍රදේශවාසින් ඇතුලු පිරිසක් විසින් මෙම කටයුත්ත අවසන් කරන ලදි.