බාල බෙහෙත් ගැන ඇමතිට වගකීමක් නෑ…. ක්‍රියාවලිය පැහැදිලිව තේරුම්ගත යුතුයි…! – ඖෂධ සංස්ථා සභාපති… හැබැයි නලින්ද විපක්ෂයේ ඉද්දි කිව්වේ එහෙම නෙමෙයි .. රෙදි ගැලවෙන වීඩියෝව මෙන්න

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය ;සිදුවන්නේ ඇමතිවරුන් හෝ රජය හෝ මත නොවන බව රාජ්‍ය ඖෂධ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය මනුජ සී. වීරසිංහ පවසයි. වර්ෂයට අවශ්‍ය ඖෂධ ඇනවුම ඖෂධ සංස්ථාවට ලබා දීම සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීමක් බව පැහැදිලිව තේරුම්ගත යුතුව ඇතැයි ද සභාපතිවරයා පෙන්වා දෙයි. එම ඇනවුම ඖෂධ සංස්ථාව ඔස්සේ ප්‍රසම්පාදන කාර්ය සිදුවන බව ද 2025 පැමිණි ඖෂධ ටෙන්ඩරය 2024 වසරේ ලබාදුන් එකක් බව ද කඩයකින් බඩු ගන්නා සේ බෙහෙත් ඇනවුම් ලබාගත නොහැකි බව ද වෛද්‍ය මනුර සී. වීරසිංහ ප්‍රකාශ කරයි. ඔහු මේ බව සඳහන් කළේ, පසුගියදා භාවිතයෙන් ඉවත් කළේ වර්තමාන ආණ්ඩුව යටතේ ආනයනය කළ ඖෂධ තොග නොවේදැයි ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේ ඊට පිළිතුරු දෙමිනි. කෙසේවෙතත් බාල බෙහෙත් ගැන ඇමතිවරයාට වගකීමක් ඇති බවට වර්තමාන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස විපක්ෂයේ සිටියදී පවසන මාධ්‍ය හමුවක වීඩියෝවක් facebook තුල සංසරණය වනු දැකගත හැකිය. එම වීඩියෝව පහතින්