අලියාට ගිනි තැබූ තිදෙනා රිමාන්ඩ්

පන්දම් වලින් ගිනි තබා, ඇස්පෙනීමේ දුර්වල, පාදයට වෙඩි තැබීමෙන් ඇවිදීමේ අපහසුතාවයකින් සිටි වන අලියකු පුළුස්සා මරා දැමී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ලබන 24 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් සඳුනි හපුආරච්චි මෙනවිය නියෝග කළාය.