බැක්ටීරියා විෂ සහිත එන්නත් හා ප්‍රතිජීවක ඖෂධයක් නිසා සිදුවූ මරණ හා කළුතර මාතෘ රෝහලේ සිදුවූ ගර්භනී මරණයක් සම්බන්ධයෙන් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය විසින් අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් භාරදී තිබේ. එම පැමිණිල්ලෙන් වර්තමාන සෞඛ්‍ය පරිපාලනය, ඖෂධ නියාමන අධිකාරිය හා රාජ්‍ය සංස්ථාවේ ඉහළ නිලධාරීන් මෙන්ම අදාළ බාල ඖෂධ ගෙන්වූ සමාගම්වලට එරෙහිව කටයුතු කරන්නැයි ඉල්ලා ඇත. බැක්ටීරියා විස සහිත, වමනය පාලනය කිරීම සඳහා ලබා දෙන Ondesterone එන්නත ලබාදීම නිසා සිදු වූ ප්‍රශ්න සහගත රෝගී මරණ සම්බන්ධයෙන් සහ කළුතර ගල්ලැස්ස මාතෘ රෝහලේදී ගර්භනී මවක් සිසේරියන් සැත්කමක් අතරතුර ලබා දෙන ලද ප්‍රතිජීවක ඖෂධයක් ආසාත්මික වීම මත මිය යාම යන සිදුවීම්ද, එකම සමාගමකින් ගෙන්නන ලද ඖෂධ දහයකට වැඩි ප්‍රමාණයක් එකවර ඖෂධ නියාමන අධිකාරිය මගින් භාවිතාවෙන් ඉවත් කිරීමට ගන්නා ලද තීරණයත් පදනම් අදාළ සම්පූර්ණ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ විමර්ශන පරීක්ෂණයක් සිදු කරන ලෙසට එම සංවිධානය සිය පැමිණිල්ලෙන් වැඩිදුටත් ඉල්ලා ඇති බව පැවසේ.