නාරාහේන්පිට ප්‍රදේශයේ ශාරීරික ව්‍යායාම මධ්‍ය ස්ථානයකට ගොස් ඒ අසල තිබූ කාර් රථයක සිටි විවාහක කාන්තාවකගේ කාර් රථයට බලහත්කාරයෙන් ගොඩ වූ බව කියන සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට එරෙහිව එම කාන්තාව විසින් නාරාහේන්පිට පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය මේ හේතුව නිසා තමා කම්පනයට පත් වූ බව ඇය පොලිසියට පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත. මෙම පැමිණිල්ල කළ කාන්තාව කොළඹට නුදුරු ප්‍රදේශයක පිහිටි පෞද්ගලික සමාගමක විධායක ශ්‍රේණියේ තනතුරක් හොබවන තැනැත්තියකි. ඇයද ඒම ශාරීරික ව්‍යායාම මධ්‍ය ස්ථානයට පැමිණි කාන්තාවක බව ඒම නිලධාරියා කීය. නාරාහේන් පිට ප්‍රදේශයේ ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථානයකට පෙරේදා උදෑසන ගොස් මෙම කාන්තාව ඇයට අයත් කාර් රථයේ රියැදුරු අසුනේ වාඩි වී සිට ඇතැයි එම නිලධාරියා කීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කාර් රථය නතර කර තිබූ ස්ථානයට පැමිණ කාර් රථයේ වීදුරුවට තට්ටු කර ' මට ඔයත් එක්ක තතා කරන්න ඕනෑ' යැයි පවසා ඇතැයි කියති. ‘මට ඔයත් එක්ක කතා කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. කරුණාකර මට කරදර නොකර යන්න‘ යැයි කියා කාන්තාව පවසා ඇතැයි ද පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත. මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කාර් රථයේ දොර විවෘත කරගෙන බලහත්කාරයෙන් වාඩි වීම නිසා තමා කම්පන තත්වයකට පත් වූ බවද ඇය පොලිසියට පවසා ඇති බවද පොලිසිය කියයි. ‘ඔයා මගෙන් එක කතා කරන්නේ නැත්තේ ඇයි‘ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කාන්තාව සමග පැවසූ අවස්ථාවේ 'මට ඔයත් එක්ක කතා බහ කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. අනේ ප්ලීස් මට කරදර නොකර කාර් එකෙන් බැහැලා යන්න“ යනුවෙන් ඇය යළිත් වරක් කියා ඇතැයි ද පැවසේ. කාන්තාව කළ ඉල්ලීමට අවනත වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කාර් රථයෙන් බැස පිටව ගොස් ඇතැයි ද මේ ගැන පොලිසියට පැමිණිලි කිරීමට පැමිණි කාන්තාව පවසන්නේ යැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් තොරතුරු අනාවරණය කළේය. තමාගේ දරුවකු සමඟ මෙම මන්ත්‍රීවරයාගේ දරුවන් ද එකම පාසලේ අධ්‍යාපනය හදාරතනිසා ඔහු හඳුනන බවත් ඇය පොලිසියට පවසා ඇතැයි ද කියයි. මීට කලකට ඉහත දී ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම කාන්තාවගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගත් අවස්ථාවේ එම දුරකථන අංකය අවහිර කර ඇති බවත් යළිත් වෙනත් දුරකථන අංකයකින් ඇමතුමක් ගත් අවස්ථාවේ එම දුරකථන අංකය ද අවහිර කර තිබෙන බවත් ඇය පොලිසියට පවසා ඇතැයි දැන ගැනීමට තිබේ. මින් ඉදිරියට තමා මෙවැනි ආකාරයට අපහසුතාවන්ට පත් නොකරන ලෙසට ඒම මන්ත්‍රීවරයා පොලිස් ස්ථානයට කැඳවා දැඩි ලෙස අවවාද කරන ලෙසට එම කාන්තාව ඉල්ලීමක් කළ බවද පොලිසිය කීය. එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැමිණිලිකාර කාන්තාව පොලිස් ස්ථානයට කැඳවා පැමිණිල්ල විභාග කිරීමට නාරාහේන්පිට පොලිසිය කටයුතු යොදාගෙන යයි. ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය බිමල් ශ්‍යාමන් ජයසිංහ -ලංකාදීප