මෙරටට ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුව මාර්තු (20) වනදා යළි කැඳවිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම (19) දින නියම කරයි. සිද්ධියට අදාල පළමු වන සැකකරු වන අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මිළග නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කරයි.