පින්නලන්දේ ගල් පෙරළීමේ අවදානමක්: පවුල් 6ක් ඉවතට

හල්දුම්මුල්ල මාලදොළ පින්නලන්ද ප්‍රදේශයේ අද 20 අලුයම විශාල ගල් පර්වත කිහිපයක් නාය යාම සමඟ එම ආසන්නයේ අවදානම් ලෙස පදිංචිව සිටින පවුල් හයක පුද්ගලයින් එකොළොස් දෙනෙකු ආරක්ෂිත පියවරක් ලෙස වහාම ඉවත්කළ බව හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල ඉඳුනිල් රත්නායක මහතා පැවසීය.