update : ඉන්දීය ඖෂධ සමාගම ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලයි.. එන්තත් ගබඩා කිරීමට ගැන රජයට චෝදනා!

ඉන්දියාවේ මාන් ෆාමසියුටිකල්ස් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන ඔන්ඩන්සෙට්‍රෝන්  එන්නත් කාණ්ඩ කිහිපයක් භාවිතයෙන් ඉවත් කර තැබීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස එම නිෂ්පාදන සමාගම ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ වෛද්‍ය සැපයුම් අංශය වෙත ලිපියක් යොමු කරමින් එම සමාගම මෙම ඉල්ලීම සිදු කර ඇත. අදාළ එන්නත් සාම්පල ජාත්‍යන්තරව පිළිගත් රසායනාගාරයක් වෙත යොමු කර ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ඒ සඳහා යන පිරිවැය තම සමාගම විසින් දැරීමට සූදානම් බවත් නිෂ්පාදකයින් දන්වා ඇත. පරීක්ෂණ සඳහා සාම්පල මුදා හැරීමේදී ඒවා නිසි ගබඩා උෂ්ණත්වයන් සහ ප්‍රමිතීන් යටතේ පැවති ඒවා බවට සහතික වන ලෙසද එම සමාගම වැඩිදුරටත් ඉල්ලා සිටියි. ඖෂධයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මතුව ඇති සැකසහිත තත්ත්වයන් කඩිනමින් සහ විනිවිදභාවයකින් යුතුව විසඳා ගැනීමට තමන් කැපවී සිටින බව මාන් ෆාමසියුටිකල්ස් සමාගම අවධාරණය කරයි. මෙම ලිපියේ පිටපත් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ද යොමු කර තිබේ.