කල්පිටිය ග්‍රාම නිලධාරිහු ආපදා රාජකාරිවලින් ඉවත්වෙති

කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට අනුයුක්ත සියලු ග්‍රාම නිළධාරීවරුන් අද සිට, ආපදා සහන රාජකාරී කටයුතු වලින් ඉවත් වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිළධාරී සංගමයේ කල්පිටිය ශාඛාව, කල්පිටිය වැඩ බලන සහකාර ප්‍රාදේශීය ලේකම් සන්ධ්‍යා ප්‍රියදර්ශණී මහත්මියට ලිඛිතව දැනුම් දී ඇත.