ටිපර් රියදුරු ඝාතන සිද්ධියේ 5 දෙනා රිමාන්ඩ්

පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේදී ටිප‍ර් රථයක් පැහැරගෙන රියැදුරු ඝාතනය කිරීමේ චෝදනාවට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා, මනම්පිටිය පොලිසිය මගින් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් මේ මස 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මනම්පිටිය මහේස්ත්‍රාත් දිසා විනිසුරු, එරන්දි වික්‍රමසිංහ මහත්මිය නියෝග කළාය.