සහන දීමනා දෙකක් 31ට පෙර ගෙවන්නැයි නියෝග

නිවාස පිරිසිදු කර ගැනීම සඳහා වන රුපියල් 25,000 සහ ගෘහ උපකරණ මිලදී ගැනීමට අදාල රුපියල් 50,000ක දීමනාව මෙම දෙසැම්බර් 31 දිනට පෙර ජනතාවට දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.