ආපදාවෙන් කැඩුණු හිත් හදන්න බලකායක් හදයි

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වූවන්ගේ මානසික සුවතාවය ඉහළ නැංවීමේ අරමුණින් ආරම්භ කළ ‘Beyond Recovery’ නව වැඩසටහන යටතේ රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීමේ මූලික වැඩමුළුව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.