රන් ආභරණ වෙළෙඳසලේ කොල්ලය වරදී

පන්විල හුළුඟඟ ප්‍රදේශයේ රන් ආභරණ වෙළඳ සැලක් කොල්ල කෑමට පැමිණ ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක නවාතැන් ගෙන සිටි කොල්ල කල්ලියක තිදෙනකු මත් ද්‍රව්‍ය ( හෙරොයින් , අයිෂ්) සහ කළු මුහුණු ආවරණ ,ප්ලාස්ටික් අත් මාංචූ ,මිටි ,අඬු , සෙල්ලම් පිස්තෝල සහ මැගසින් එකක් සමග අත්අඩංගුවට ගත් බව පන්විල පොලිසිය කියයි.