දේශපාලන අතවැසියන් විශ්වවිද්‍යාල සෑම වැදගත් තනතුරකටම පත් කරන්න හිලක් හදලා

Free Lawyers සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. පුවත්පත් නිවේදනය විශ්වවිද්‍යාල පීඨාධිපති - අංශාධිපති පත් කිරීම් දේශපාලනීකරණය භායානක අනතුරකි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්වවිද්‍යාලයන් හි පිඨාධිපතිවරුන් හා අංශාධිපතිවරුන් පත් කිරීම අත්හිටුවීමට දැනුම් දී ඇත.  මෙරට ව්‍යවස්ථාපති නීතියක් වන 1978 අංක 16 දරණ විශ්වවිද්‍යා ප්‍රතිපාදන කොමිෂන් සභා පනත මගින් ස්ථාපනය කර ඇති ප්‍රතිපාදනයන් අකර්මන්‍ය කිරීම නීති විරෝධී වන අතර ම, ක්‍රම විරෝධී ද වේ. විශ්වවිද්‍යාල පාලක සභා වෙත ලැබී ඇති බලතල ප්‍රකාරව ස්ථාපනය වී ඇති ස්වාධීන විශ්වවිද්‍යාල පද්ධතියේ ක්‍රියාකාරීත්වයට  මෙම තීරණය බලවත් අගතියකි. 2016 අංක 17 දරන විශ්වවිද්‍යාල පනතින් සංශෝධිත, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 49වන වගන්තියේ (1) උප වගන්තිය යටතේ පීඨාධිපති තනතුරට පත් වීම සඳහා යෝජිත සුදුසුකම් සහ පනතේ 51වන වගන්තියේ (1) උප වගන්තිය යටතේ අධ්‍යයන අංශ ප්‍රධානියෙකු ලෙස පත් කිරීම සඳහා වන සුදුසුකම් සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් සිටී. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය විසින් යෝජනා කර ඇති මෙම සංශෝධනය හේතුවෙන් විශ්වවිද්‍යාලයන් හි අධ්‍යයන නිදහස නිර්ධන ලෙස සීමා කරන්නේය. සමස්ත විශ්වවිද්‍යඨාල පද්ධතිය ලැජ්ජා සහගත දේශපාලනීකරණයකට යොමුවන අතර ස්වාධීනත්වය අහිමි කරන්නේය. එමගින් විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට සිය අභිමතය පරිදි පීඨාධිපතිවරුන් ද, අංශාධිපතිවරුන් ද ඉවත් කළ හැකි වන්නේය. මෑත භාගයේ දී උපකුලපතිවරුන් ඉවත් කිරීමට මෙලෙසම දේශපාලන මැතිවහත්වීම් සිදු ව ඇත. ජ්‍යෙෂ්ඨත්වය හෝ පරිපාලන අත්දැකීම් නොසලකා දේශපාලන අවශ්‍යතාව මත සිය අතවැසියන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සෑම වැදගත් තනතුරකටම පත් කර ගැනීමට අවස්ථාව සැලසෙන්නේය. 2016 අංක 17 දරන විශ්වවිද්‍යාල පනත මගින් විශ්වවිද්‍යාල පද්ධතියේ ස්වාධීන පැවැත්මට ලබා දී තිබු ඉඩ ප්‍රස්ථාව මෙමගින් උල්ලංඝණය වන අතර දේශපාලන අවශ්‍යථාව මත රූකඩ පාලනයක් ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබෙන්නේය. ශ්‍රාස්ත්‍ර නිදහස හා විශ්වවිද්‍යාල ස්වාධීනත්වය විනාශ කරන නව සංශෝධන පරාජයට පත් කිරීමට, නිදහස් අධ්‍යාපන හිමිකම ගරු කරන සෑම පාර්ශවයකට එකතු වන ලෙස Free Lawyers     සංවිධානය ඉල්ලා සිටී. ජනාධිපති නීතිඥ  මෛත්‍රී ගුණරත්න නීතිඥ අතුල ද සිල්වා Free Lawyers විධායක සභාව වෙනුවෙනි