වහනේ හැප්පුනාම හැංගුන්නෑ.. පොලිසියට බාර වුනා.. මත්පැන් පරීක්‍ෂණ කලා!

තමන් විසින් පදවන ලද මෝටර් රථයක පුද්ගලයකු හැපීමෙන් සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විජිත් විජේමුණි සුවිසා සිය සමාජ ජාල ගිණුමේ මෙසේ සටහනක් තබා තිබේ. මා මාගේ කළුබෝවිල නිවසේ සිට දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්‍ය්ලයට මම මාගේ රථය පදවාගෙන ගමන් කලේ අවශ්‍ය බලපත්‍රයක් ලබා ගැණිමටයි. මෙහිදි දෙහිවල ගුවන් පාලම යටදී මා පැදවූ වාහනය නැවැතිවීමේදි පදික මහතෙකු සුළු අනතුරකට ලක්විය. වහාම ක්‍රියාත්මක වූ මා අවට සිටි පදිකයන්ගේද සහය ඇතිව මමම රථය පදවාගෙන ගොස් තුවාලකරු කළුබෝවිල දකුණු කොළඹ ශික්ශන රෝහලට බාර දෙනලදී. ඉන් අනතුරුව මමම පොලිසියට ගොස් බාරවි ඔවුනට නීතිය ක්‍රියාත්මක කරවීමට උපරිම සහය ලබා දුනි. මත්පැන් පානය කොට ඇත්දැයි යන පරීක්ෂණයද කරන ලෙස ඉල්ලා සිටින ලදී. අනතුරට පත් මගියා රෝහලෙන් පිටවු පසු, මත්පැත් වාර්තා ආදි සියල්ල පැමිණි පසු මා පොලිස් ස්ථානයෙන් පැමිනෙන ලදී. අනතුරෙන් කිසිවෙකුට හානි සිදු නොවුනද අගතියට පත් සියලු පාර්ශ්වයන්හට මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි. එසේම නීතිය අකුරටම ක්‍රියාත්මකකරවූ දෙහිවල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරි මහතුන්ටද ස්තුතිය. අනතුර සිදුවූ මොහොතේ සිට සොයා බැලූ ඔබ සැමට ස්තුතිය. විජයමුණි සොයිසා හිටපු ඌව පලාත් ප්‍රධාන අමාත්‍ය / කැබිනට් අමාත්‍ය