අද (25) උදෑසන 7.15ට පමණ සේරුනුවර, මහින්දපුර හංදියේ දී පෞද්ගලික බස් රථයක් මහ මඟ පෙරළී අනතුරක් සිදුව තිබේ.
අක්කරෙයිපත්තුව සිට ත්‍රිකුණාමලය දක්වා ගමන්ගත් සුඛෝපභෝගී බස් රථයක් මෙලෙස පෙරළී ගොස් ඇති අතර, එම අවස්ථාවේ මගීන් 21ක් පමණ බස් රථයේ ගමන් කරමින් සිට ඇත.