සාමය මනුෂ්‍ය වර්ගයාට අවශ්‍යම දෙයක්

’’සාමය කියන එක මනුෂ්‍ය වර්ගයාට අත්‍යවශ්‍යම දෙයක්. ධනයට වහල් වෙලා බලයට වහල් වෙලා ජීවත් වීම එය නෙවෙයි නිදහස කියන්නේ. අද ඒවායේ වහලුන් බවට පත් වෙලා. ඒවායෙන් ඈත් වෙලා තමන්ට අවශ්‍ය ප්‍රමාණයෙන් ජීවිත් වීම වැදගත්. අප ශ්‍රී ලංකාව නිදහසින් පසුව දකින්නේ එන්න එන්නම සමාජය බේද බින්න වී ඊර්ෂ්‍යාව, වෛරය, තරහවෙන් එකිනෙකා සමග කුලල් කා ගන්නා පරිසරයක් ජනිත වූ ආකාරයයි යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ පැවැසූහ.