බාල ඖෂධ ගෙන්වීම 76 අවුරද්දක් තිස්සේම වරදක්... දැන් ඒක නීතිගත කරපු ක්‍රියාවක්... වරදක් හැටියට සැලකෙන්නෑ - විමල් වීර­වංශ

රජය රුපි­යල් අති­රි­ක්ත­යක් පෙන්වන්නේ විය­දම් කිරී­මට නොදන්නා නිසා මිස ආර්ථි­කය කළ­ම­නා­ක­ර­ණය කළ නිසා නොවන බවත්, ආණ්ඩුව පාර්ලි­මේ­න්තු­වේදී ‘කටින් බතල හිට­ව­මින්’ ජන­තාව මුළා කරන බවත් ජාතික නිද­හස් පෙර­මුණේ නායක, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී විමල් වීර­වංශ මහතා පැව­සීය. බත්ත­ර­මුල්ල සිය පක්ෂ කාර්යා­ලයේ  පැවති මාධ්‍ය සාක­ච්ඡා­වට එක්වෙ­මින් වීර­වංශ මහතා මේ බව කියා සිටි­යේය. ඒ මහතා වැඩි­දු­ර­ටත් මෙසේ ද පැව­සීය. පළමු කරුණ තමයි දැන­ට­මත් බල­වත් ලෙස ආන්දෝ­ල­න­යට තුඩු දී තිබෙන “ඉන්දි­යානු බාල ඖෂධ මාෆි­යා­වට” අපේ රටේ රෝගීන් බිලි­දීමේ ව්‍යාපා­රය අද ඉතා බල­වත් ලෙස අපි හමුවේ ඉතා අභි­යෝ­ගා­ත්ම­කව මතු වෙලා තියෙන කාර­ණ­යක්. ඔබ කවු­රුත් දන්නවා මීට කලින්, ඔය කියන වසර 76 ඇතු­ළත තිබුණේ, අපේ රටේ පෞද්ග­ලික අංශය වේවා රජයේ රෝහල් පද්ධ­තිය තුළ වේවා පාවිච්චි කරන්න පුළු­වන් ඖෂ­ධ­වල ප්‍රමි­තිය තිබුණේ “බ්‍රිතාන්‍ය (British Standard) හෝ ඊට ඉහළ ප්‍රමි­ති­යක්.” නමුත් ඒ වසර 76ක පාල­නය ඇතු­ළත කව­දා­ක­වත් ඒ ප්‍රමි­තිය ඊට වඩා පල්ලෙ­හාට ගෙනාවේ නැහැ. ඒ ප්‍රමි­තිය ඊට වඩා පල්ලෙ­හාට වට්ටන්න කට­යුතු කළේ නැහැ. මොන අර්බුද තිබු­ණත්, මොන අමා­රු­කම්, මොන දුෂ්ක­රතා තිබු­ණත් ඒ 76 වස­රක පාල­නය ඇතුළේ ඔය බ්‍රිතාන්‍ය ප්‍රමි­තිය හෝ ඊට ඉහළ ප්‍රමි­තිය කියන එකෙන් පල්ලෙ­හාට එන්න ශ්‍රී ලංකාව කට­යුතු කළේ නැහැ. මීට පෙර සම­හර අව­ස්ථා­ව­ලත් අපේ රටට ගෙනාපු ඖෂධ පිළි­බ­ඳව ආන්දෝ­ල­නා­ත්මක ප්‍රශ්න මතු වුණා. ඒ හැම වෙලේම මතු වුණේ “බ්‍රිතාන්‍ය ප්‍රමි­ති­යට” අනුව ඒ ඖෂ­ධය තිබෙ­නව ද? නැද්ද? කියන ප්‍රශ්නය. එහෙම නැත්නම් ඒ ඖෂ­ධය බ්‍රිතා­න්‍යයේ ප්‍රමි­ති­යට අනුව නැද්ද තියෙ­න­වාද? ඕක තමයි අපි සලකා බලපු කාර­ණය. එත­කොට ඒක ඉන්දි­යානු ප්‍රමි­ති­යට තිබ්බත් අපි පිළි­ගත්තෙ වර­දක් හැටි­යට. දැන් වෙලා තියෙන්නේ වරද ආය­ත­න­ගත කරලා. එහෙම නැත්නම් අප­ද්‍ර­ව්‍ය­ව­ලින් පිරිච්ච බාල ඖෂධ ගෙන්වීම කලින් වර­දක්. දැන් ඒක ආය­ත­න­ගත කරපු ක්‍රියා­වක්. දැන් ඒක වර­දක් හැටි­යට සැල­කෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉතා ඕනෑ­ක­මින් ආණ්ඩු­වට කිය­නවා. අපි ආණ්ඩු­වෙන් ඉල්ලා සිටින්නේ වහාම මේ “ඉන්දි­යානු ෆාම­කෝ­පි­යා­වෙන් ඉවත් වෙන්න.” හොර රහසේ ගත්තු ඒ තීර­ණය අකුළා ගන්න. ඒක හකුළා ගන්න­කන් බාල ඖෂ­ධ­ව­ලට පම­ණක් වෙළෙ­ඳ­පොළ ඒකා­ධි­කා­ර­යක් හදන්න දාපු “පාලන මිල (Floor Price) වහාම ඉවත් කරන්න.” නුවන් කොඩි­කාර මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න