නත්තල්දා මාවක්ඔය ප්‍රදේශයේ දියනෑමට යහළුවන් පිරිසක් සමග හොරණ මිවන පලාන ප්‍රදේශයේ යහළු නිවසකට ගිය විසිදෙහැවිරිදි තරුණකු හොරකැටිය මීවනපලාන මාර්ගයේදි යතුරු පැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කාණුවකට ඇද වැටී අසල පිහිටි ගල් කන්ඩියක වැදීමෙන් බරපතල තුවාල ලබා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව හොරණ පොලිසිය පවසයි.