duglas dewananda

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අද (27) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 2001 වසරේදී යුද හමුදාවෙන් ඔහුට ලබාදුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ට ලබාදීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අදාළව ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට ගෙන ඇත. හිටපු අමාත්‍යවරයාගේ පිස්තෝල වර්ගයේ ගිනිඅවිය, වැලිවේරිය ප්‍රදේශයේ බෝක්කුවක් අසල කැලෑබද ප්‍රදේශයක සඟවා තිබියදී සොයා ගැනුණි. ඒ අනුව අත්අඩංගුවට ගත් ඩග්ලස් දේවානන්දා අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.