ජාතික ජන බලවේගය විසින් බලය දරණ කොළඹ නගර සභාවේ පළමුවන අයවය පරාජය වීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා නොසතුටින් පරසුවන බව වාර්තා වෙයි. මෙම අයවැය පරාජයෙන් පසු පැලවත්ත ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයේ වාද විවාද රැසක් පැවති ඇති බවද දැනගන්නට ඇත. එ් අනුව අයවැය දෙවන ඡන්ද විමසීම ජය ගැනීමේ වගකීම නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඇතුළු පිරිසක් වෙත පවරා ඇත. මේ අතර සමගි ජන බලවේගය ප්‍රධාන ඇතුළු විපක්ෂයද කොළඹ නගර සභාවේ අයවැය දෙවන වතාවටත් පරාජය කිරීම සඳහා සැලසුම් සකස් කරමින් සිටී. ඔවුන් සඳහන් කරන්නේ අයවැය පරාජය කිරීම සඳහා ඡුන්දය දුන් මන්ත‍්‍රීවරුන් තිදෙනෙකු විදෙස්ගත කිරීමට ආණ්ඩුවේ සැලසුමක් ඇති බවයි -lankacnews