හැටන් නගරසභාවේ කසළ බදුන්වලට ගිනි තියලා

හැටන් දික්ඔය නගර සභාව මගින් කසල වෙන් කර තබා ගැනිම සදහා හැටන් ඩන්බාර් මාර්ගයේ කම්කරු කොමසාරිස් කාර්යාලය අසල සවි කර තිබූ කසල බදුන් වලට ඊයේ (27) රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනි තබා කසල වෙන් නොකර එම කසල බදුන් අසල දමා ගොස් ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා අද (28) පැවසීය.