හිටපු අමාත්‍ය ඩග්ලස් රිමාන්ඩ්

රජය නීත්‍යානුකූලව ලබා දුන් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් පාතාල කල්ලි සාමාජිකයකු අතට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු වූ ඩග්ලස් දේවානන්දා ජනවාරි 9 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස ගම්පහ වැඩබලන මහේත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය අද නියම කළාය.