අම්බලන්ගොඩ සිංගර් ආයතනයේ කළමනාකරු වූ සන්තියාගෝ හිරාන් කෝසල ද සිල්වා පසුගිය 22 දා ඝාතනය කළ පැදිකරු සහ වෙඩික්කරු ඝාතනයට පැමිණ ඇත්තේත්, ඝාතනයෙන් පසු දින කීපයක් රැඳී සිට ඇත්තේත් හිටපු පොලිස්පත් දේශබන්දු තෙන්නකෝන්ට අයත් අම්පිටියේ සුඛෝපභෝගී නිවසේ බව මේ වනවිට විමර්ශන අංශ විසින් අනාවරණය කරගෙන තිබේ. මෙම නිවසට අපරාධකරුවන් යොමු කර ඇත්තේ කරන්දෙණියේ සුද්දා ලෙස හැඳින්වෙන පාතාල අපාරාධකරු බව ද අනාවරණය වී ඇත. විමර්ශන තොරතුරු වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. මෙම ඝාතනයට අදාලව මුලින්ම අත් අඩංගුවට පත් වන්නේ ඝාතකයින් පැමිණි යතුරුපැදිය ආඳාදොල ප්‍රදේශයේ අත්හැර දමා ගිය පුද්ගලයා ය. ඔහුව අත් අඩංගුවට ගනු ලබන්නේ යතුරුපැදිය මග අත්හැර දමා ඇඳගෙන සිටි ඇඳුම් ද පුලුස්සා දැමීමෙන් පසු කොල්ලුපිටිය ලැගුම්හලකට පැමණ සැඟවී සිටියදී ය. ඔහු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත සුදු පැහැති මෝටර් රථයක් අත් අඩංගුවට ගෙන තිබිණි. එම මෝටර් රථයෙන් වෙඩික්කරු සහ පැදිකරු ගල්කිස්සටත්, එතැනින් මහනුවර අම්පිටියටත් පැමිණ ඇතැයි අනාවරණය විය. විමර්ශන අතර හය දෙනෙකු පොලිස් අත් අඩංගුවට පත් විය. ඝාතනයට භාවිතා කළ ගිනි අවිය ද ඒ අතර විය. එම ගිනි අවිය ඝාතකයින්ට සපයා දී තිබුණේ කාන්තාවක විසිනි. මෙම පලා යෑමේ කටයුතු සම්බන්ධීකරණය කර තිබුණේ මාකොල ප්‍රදේශයේ පුද්ගලයෙකි. ඔහු එම සම්බන්ධීකරණය කර තිබුණේ කරන්දෙණියේ සුද්දා නැමැති පිටරට වෙසෙන අපරාධකරුගේ ඉල්ලීම මතය. ඔහුට මෙම තැනැත්තන් අම්පිටියේ නිවසකට ඇරලවීම ගැන උපදෙස් ලැබෙන්නේ ද කරන්දෙණියේ සුද්දාගෙනි. සුද්දා එම නිවස පෙනවා දෙන්න හඳුන්වා දෙන්නේ අම්බලන්ගොඩ කොන්ත්‍රාත්කරුවෙකි. රට පුරා කොන්ත්‍රාත් කරන මෙම පුද්ගලයාට අම්පිටියේ නිවසේ අලුත්වැඩියාවක් කිරීමට භාර දෙන්නේ කරන්දෙණියේ සුද්දාය. වහලයේ සිදු කරන එම අලුත්වැඩියාව වෙනුවෙන් ගෙවීම් කර තිබුණේ කරන්දෙණියේ සුද්දා විසිනි. කොන්ත්‍රාත්කරු හෝ මෙම ඝාතකයින් ප්‍රවාහනය සම්බන්ධීකරණය කළ පුද්ගලයා මෙම නිවස කාගේදැයි දැනගෙන සිට නැත. ඔවුන් කරන්දෙණියේ සුද්දා ගේ උපදෙස් මත එම ඝාතකයා සහ පැදිකරු අදාල නිවසේ සුරක්ෂිත කිරීම සඳහා රැගෙන ගොස් තිබිණි. අම්පිටියේ අපරාධකරුවන් නැවතී සිටි නිවස ගැන අපරාධ පර්ක්ෂණ දෙපාර්තමේන්තුව හොඳන් දැනගෙන සිටියේය. එම නිවස කලෙක තමන්ගේ ප්‍රධානියාව සිටි පොලිස්පති දේශබන්දුගේ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්නේ එම දේපල අයථා දේපල රැස් කිරීම සම්බන්ධව දේශබන්දුගේ චෝදනවලියට අයත් ස්ථානයක් වූ බැවැනි. එමෙන්ම කලක් පොලිසිය සොයද්දී දේශබන්දු සැඟවී සිට තිබුණේත් අම්පිටියේ මෙම අප්‍රකට දේපලේය. නිවසේ අයිතිය ග්‍රාමසේවකගෙන් ද, වතුර බිල් විදුලි බිල් ආදියෙන් ද තහවුරු කරගත් විමර්ශන අංශවලට මේ වනවිට පැන නැගී තිබුණු ප්‍රධාන ගැටලුවක් වූයේ මෙම නිවසේ අලුත්වැඩියා කටයුතු සඳහා ගෙවීම් කිරීම කරන්දෙණියේ සුද්දා විසින් බාරගෙන තිබීමය. නිවසේ මුරකරුවෙක් රඳවා තබා ඇත. මේ මුරකරු මුලින්ම කිසිවක් නොකීව ද පුද්ගලයින් දෙදෙනෙක් දෙසැම්බර් මස 07 වැනිදා සිට 21 වැනිදා දක්වා නිවසේ සිටි බවත් 21 වැනිදා පිටවි ගොස් යළිත් 22 දා පැමිණ දින දෙකකින් පසු අතුරුදහන් වූ බවත්ය. ඔවුන් ආගිය අතක් සම්බන්ධයෙන් තමන් නොදන්නා බව මුරකරු ප්‍රකාශ කර තිබිණි. කරන්දෙණිය සුද්දා, කොස්ගොඩ සුජී, ගොත අංසක, කරන්දෙණිය සුද්දාගේ මල්ලීවන කරන්දෙණිය රාජු, දොලා, දසුන් මානවඩු මේ වනවිට ඉන්නේ එක් කල්ලියකය. මේ කල්ලිය සමග සිංගර් කෝසල හෙවත් හිරාන් කෝසල ද සිල්වා සම්බන්ධකත්ම පවත්වනවා සේම ඔවුන්ගේ පරම හතුරු ලොකු පැටී සමගම සම්බන්ධකම් පවත්වන බවත් ඔහු විසින් කල්ලි දෙකේ තොරතුරු ලබා දෙමින් දෙපිටකාට්ටු වැඩ කීපයක් සිදුකර ඇති බව අනාවරණය වී ඇති නිසාත් කරන්දෙණියේ සුද්දා ගේ කල්ලිය ඝාතනය සිදුකර ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ. එමෙන්ම මේ වනවිට විමර්ශන අංශ කරන්දෙණියේ සුද්දා සහ දේශබන්දු තෙන්නකෝන් අතර පැවති සම්බන්ධතාවයන් පිළිබඳව ද අනාවරණය කරගෙන යමින් යන බව වාර්තා වේ. යුක්තිය මෙහෙයුම වකවානුවේ කරන්දෙණියේ සුද්දා ගේ කල්ලියේ මත්කුඩු අත් අඩංගුවට ගැනීම වෙනුවෙන් මෙහෙයුම් නොකළ බවට පොලිසිය ඇතුලෙන්ම දේශබන්දු තෙන්නකෝන් වෙත චෝදනා එල්ල වී තිබිණි. මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකය. - lankasara