පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් මා ඔය වෙත රැගෙන යාම යළි ආරම්භ කෙරේ

පසුගිය දිනවල ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවත්වා තිබූ පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් දිය නාවනු ලබන මා ඔය වෙත අලි ඇතුන් රැගෙන යාම යළි ආරම්භ කරනු ලැබූ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.