කෝටි 3ක කේරළ ගංජා සමඟ අයෙක් අල්ලයි

ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් රැගෙනවිත් කිලිනොච්චිය, පන්නන්කණ්ඩි ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ රුපියල් කෝටි තුනකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 131 ක් සමඟ පුද්ගලයකු ඊයේ (29) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.