“ආණ්ඩුව කොළඹ අයවැය දිනුවේ ගේමක් ගහලා – අපේ එක්කෙනෙක් ආවේ නැහැ-ෆෝන් එකත් වැඩ නෑ” – මුජිබර් කියයි

කොළඹ මහනගර සභාවේ අයවැය දෙවන වර කියවීමේදී සාර්ථකව සම්මත කරගැනීම සඳහා රජය යම් යම් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් ප්‍රකාශ කරයි. ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, අද ඡන්දය විමසන අවස්ථාවේ එක් සජබ මන්ත්‍රීවරයෙකු සභාවේ නොසිටි බවත්, ඔහු ඊයේ සිට තම දුරකථනය ක්‍රියාවිරහිත කර ඇති බවත් ය.