2026 නව වසර ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ ලෝකයට උදාවිය. ලෝකයේ පළමුවෙන්ම නව වසර පිළිගත්තේ කිරිබාති රාජ්‍යය වන අතර, ඉන් අනතුරුව නවසීලන්තය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් නව වසර සැමරීමට එක්විය. ඉන් පසු ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් වෙතද 2026 නව වසර උදාවිය. කරුණාවෙන් පිරි හදවත්, ප්‍රඥාවෙන් දිදුලන මනස්, සත්‍යයෙන් යුත් වචන, යහපත් ක්‍රියාවන්, හරිතව පැළලෙන ගොවිබිම් සහ සිනාවෙන් පිරි නිවෙස් සමඟ, උදාවූ 2026 නව වසර ශ්‍රී ලාංකිකයන්ටත් ලෝක වාසී සියලු දෙනාටත් සාමය, සරණියභාවය සහ සුභසාධනය රැගෙන එන වසරක් වේවා යැයි Lanka Hot News අප ප්‍රාර්ථනා කරන්නෙමු.