හයේ පොතේ සමලිංගික Link එක කඩදාසි ආනයනකරුගේ විය හැකියි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය වසරට හඳන්වා දුන් ඉංග්‍රීසි මොඩියුලයේ සමලිංගික වෙබ් අඩවි ලිපිනයක් ඇතුළත් කිරීමේ වැරදිකරු එම මොඩියුල මුද්‍රණය සඳහා භාවිත කළ කඩදාසි ආනයනය කළ පුද්ගලයා පිටින් යෑමේ අවදානමක් සම්බන්ධයෙන් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඉගි කරයි. "6 පොතේ අවුලේ වරද, කඩදාසි ආනයනය කරපු හාදයා පිටින් නොගියොත් ඇති." ඔහු මේ බව ප්‍රකාශ කොට ඇත්තේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න