අනුර කියන්නේ ජනාධිපති පුටු ගැට්ටේ වාඩිවෙලා ඉන්න පොඩි මිනිහෙක්!

වර්තමාන ආණ්ඩුව චූටි මිනිසුන්ගේ ආණ්ඩුවක් බවත් ජනතාව විසින් ලොකු වැඩ කරවාගැනීමේ අභිලාෂයෙන් කුඩා මිනිසුන්ට බලය දී ඇති බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පවසයි. 1970 සිරිමා රජය ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම, 77 ජේ.ආර්. රජය විවෘත ආර්ථිකය හඳුන්වා දීම, 1994 චන්ද්‍රිකා රජය විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කිරීම සහ 2004 මහින්ද රජය යුද්ධය අවසන් කිරීම ආදී අදත් ජනතාව ප්‍රතිලාභ ලබන දැවැන්ත වැඩ ආරම්භ කළ ද වර්තමාන ආණ්ඩුව මෙතෙක් එවැනි කිසිවක් සිදුකර නොමැති බව ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කරයි. එවැනි ලොකු වැඩ කිරීමට ලොකු සිහින දකින ලොකු මිනිසුන් සිටිය යුතු බවත් අනුර දිසානායක යනු ජනතාව දුන් ජනාධිපතිකම නම් ලොකු පුටුවෙහි අයිනක වාඩි වී සිටින පොඩි මිනිසෙකු බවත් ඔහු අවධාරණය කරයි. අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න