නවගමුව වෙඩි තැබීම පාතාල ගැටුමක්?

නවගමුව කොරතොට මැණික් ආගාර පාර ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගත් නිවසක සිටි පුද්ගලයන් තිදෙනකුට කිසියම් කණ්ඩායම් විසින් සිදුකළ වෙඩි තැබීමකින් එක් අයකු එම ස්ථානයේදීම මියගොස් වෙඩි වැදුණු තවත් දෙදෙනකු හෝමගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි නවගමුව පොලිසිය පවසයි.