පළාත් සභා ඡන්දයේදී ආණ්ඩුව පරද්දන්න එජාප-සජබ දීගය ළඟදීම

සමගි ජන බල­වේ­ගය සහ එක්සත් ජාතික පක්ෂය අනි­වා­ර්ය­යෙන්ම එකතු වෙන බව සමගි ජන බල­වේ­ගයේ මහ­ලේ­කම් පාර්ලි­මේන්තු මන්ත්‍රී රංජිත් මද්දු­ම­බ­ණ්ඩාර පව­සයි. සමගි ජන බල­වේග ප්‍රධාන කාර්යා­ලයේ ඊයේ (01) පැවැති ජනමාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින් සමගි ජන බල­වේ­ගයේ මහ­ලේ­කම් පාර්ලි­මේන්තු මන්ත්‍රී රංජිත් මද්දු­ම­බ­ණ්ඩාර මේ බව ප්‍රකාශ කළේය. වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ හෙතෙම මෙසේ ද පැවැ­සීය. “එක්සත් ජාතික පක්ෂ­යත් සමගි ජන බල­වේ­ග­යත් එකතුවිය යුතුයි යන මතයේ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂි­ක­යන් සහ සමගි ජන බල­වේ­ගයේ පාක්ෂි­ක­යන් සිටි­නවා. සජිත් ප්‍රේම­දාස මහතා ඒ සඳහා වන සාක­ච්ඡා­වල වග­කීම ගෙන තිබෙ­නවා. ඒ සාකච්ඡා ඉදි­රි­යට ගමන් කර­නවා. ඒ අනුව එම සාකච්ඡා සාර්ථක වෙමින් තිබෙ­නවා. සුදුසු වේලා­වේදී පක්ෂ දෙක එකතු වීම සිදුවෙයි. ඒ වගේම පක්ෂ දෙක එකතු වෙලා සන්ධා­න­යක් ලෙස කට­යුතු කර­න්නත් පුළු­වන්. ඒ වගේම නායකත්වයට වැඩිම ජනතා කැමැත්ත තිබෙන්නේ විපක්ෂ නායක සමගි ජන බල­වේ­ගයේ නායක සජිත් ප්‍රේම­දාස මහ­තාට. ඒ වගේම රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ දේශ­පා­ලන පරි­ණ­ත­භා­ව­ය­ටත් වටි­නා­ක­මක් දිය යුතුයි. කෙසේනමුත් සමගි ජන බල­වේ­ගය සහ එක්සත් ජාතික පක්ෂය අනි­වා­ර්ය­යෙන්ම එකතු වෙනවා. ඒ වගේම පළාත් සභා මැති­ව­ර­ණ­යේදී වැඩි ඡන්ද ප්‍රමා­ණ­යක් සමගි ජන බල­වේ­ග­යට සහ එක්සත් ජාතික පක්ෂ­යට ගැනී­මට හැකි වෙනවා. මේ වසර තීර­ණා­ත්මත වස­රක්. ඒ නිසා ආණ්ඩුවේ තරම බලා­ගැ­නී­මට පළාත් සභා මැති­ව­ර­ණය පව­ත්වන ලෙස සමගි ජන බල­වේ­ගය ආණ්ඩු­වෙන් ඉල්ලා සිටි­නවා. පළාත් සභා මැති­ව­ර­ණය පව­ත්වන්න නීති­යෙන් බාධා­වක් තිබෙ­නවා නම්, ඒ සඳහා ආණ්ඩු­වට අවශ්‍ය සහාය ලබා­දෙන්න සමගි ජන බල­වේ­ගය සූදා­නම්. වංචා, දූෂණ පනත ගෙන ඒමට කට­යුතු කළෙත් යහ­පා­ලන රජය. ඒ වගේම රටේ වංච­නි­ක­යන් දූෂි­ත­යන් නීතිය හමු­වට ගෙන ඒමේදී ආණ්ඩුව ගන්න ක්‍රියා­මා­ර්ග­ව­ලට සමගි ජන බල­වේ­ගය රජ­යට උප­රිම සහාය ලබා­දෙ­නවා. ඒ වගේම දූෂණ, වංචා චෝදනා සඳහා විශේෂ අධි­ක­ර­ණ­යක් ආණ්ඩුව පිහි­ටු­විය යුතුයි.