අපේ ගුවන් නියමුවෝ අප්‍රිකාවේ තේජාන්විත මෙහෙයුමක

මධ්‍යම අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම සඳහා යොදවා සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් සේවා ඒකකයේ කණ්ඩායමක් ආයුධ සන්නද්ධ කණ්ඩායම්වල දැඩි තර්ජනයට ලක්ව ඇති ඔබෝ ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී අප්‍රිකානු සෙබලුන් 14 දෙනකු බේරාගෙන ඇති බව ගුවන් හමුදාව පවසයි.