මාලිමාණ්ඩුව මට හිමි තනතුර දුන්නේ නෑ… වෙන කාටවත් මෙහෙම කරනන් එපා…! – දේවානි ජයතිලක

අනුර දිසානායක ජනාධිපති ධුරයට පත්වන තුරු නියෝජ්‍ය වන සංරක්ෂක තනතුරු ලබා දුන්නේ ජ්‍යේඨත්වයට වන අනුව වුව ද වර්තමාන ආණ්ඩුව එය වෙනස් කර තමන්ට හිමි විය යුතු තනතුර අහිමි කර ඇතැයි වන නිලධාරිනී දේවානි ජයතිලක පවසයි. “මෙතරම් කාලයක් කලාප නියෝජ්‍ය වන සංරක්ෂක තනතුරු ලබා දුන්නේ ජ්‍යේෂ්ඨත්වයට වන අතර එය අනුර කුමාර මහතා ජනාධිපති වීමට ප්‍රථම කළ ප්‍රකාශයක් ෂෙයා කිරීම හේතුවෙන් මොහාන් මහතා උතුරු කලාපයෙන් ප්‍රධාන කාර්‍යාලයට ගෙන්වීමෙන් අනතුරුව වෙනස් වන්නේ ඊළඟ ජ්‍යේෂ්ඨත්වය මා වීම නිසා විය හැකි බව දැන් මට හැඟේ. එතැන් පටන් 2026.01.01 දක්වා කලාප කාර්‍යාල කිහිපක්ම මට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු නිලධාරීන් යොදවා පාලනය වූයේ වැඩ බැලීමේ පදනම මත හා තමන් තමන්වම අධීක්ෂණය කරමින් පරිපාලන විෂමතා ද සහිතවයි. එහි දී විශේෂත්වය වූයේ එකල ද සහකාර වන සංරක්ෂකයකු වූ විශ්‍රාමික විජේපාල මහතාට කලාපයක වැඩ බැලීම ලබා දුන්නේ නියෝජ්‍ය වන සංරක්ෂක ප්‍රනීත් මහතාත්, මාත් සිටියදීය. මේ පිළිබඳව ද මා විවිධ අවස්ථාවල විරෝධය පල කළ අතර එසේ කිරීම අසාධාරණ බව පෙන්වා දුනිමි. නමුත් පලක් නොවිණි. වැඩ බැලීමේ පදනම අයින් කරන අවස්ථාවේදී අදාළ තනතුරු ලබා දේවි යන හැඟීමෙන් මෙවර වාර්ෂික ස්ථාන මාරු ඉල්ලුම් කළ අතර එය ලබා නොදුනි. නැවත අභියාචනා යොමු කළ අතර එය ද ප්‍රතික්ෂේප විය. එහෙත් සියලු දෙනාටම එකවර තනතුරු දේවි යැයි අපේක්ෂාවෙන් සිටියෙමි. 2025.12. 29 දින වන විට ජ්‍යේෂ්ඨත්වයෙන් ඉහළම සිටින මා හැර අන් අයට තනතුරු ලබා දී තිබුණි. විශ්‍රාමික විජේපාල මහතාට තනතුර ලබා දීම නිසා වැරදි පූර්වාදර්ශයක් වූ ජ්‍යේෂ්ඨත්වය නොසැලකීම පෙර සේම විජේරත්න මහතාට ලබා දීම සිදු විය. (ඔහු සහකාර වන සංරක්ෂකයින්ගේත් ජ්‍යේෂ්ඨත්වයෙන් දෙවන තැන සිටී.) පහළ 2026.01.01දිනට ජ්‍යේෂ්ඨතා ලේඛන 2 දක්වා ඇත. තනතුරක් හිමි නොමැති අයෙකුට ලබා දුන් තනතුරක් නිසා තනතුරක් හිමි නොමැති තවත් කෙනෙකුට එසේ තනතුරු ලබා දිය හැකි ද? එවිට මට වන අසාධාරණය අසාධාරණයක් නොවේද? අඩුම මා ඉල්ලුම් කළ වයඹ බස්නාහිර හා දකුණු සබරගමුව නොව උතුරු කලාපය හෝ ඔහු සුදුස්සකු නොවන බැවින් ලබා දෙන ලෙස පැවසුවෙමි. එයද නැත. මෙය ලිවීමෙන් පලක් නොවේ. අඩුම ගානේ මෙවන් අසාධාරණකම් ඉදිරියේ දී අන් අයෙකුට නොකරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටීමට මෙය අවස්ථාව කර ගනිමි. ස්තූතියි. ප. ලි. යම් අයෙක් අසාධාරණයන්ට ලක්වීම නිසා තනතුරු ලබා දෙන්නේ නම් මේ දෙපාර්තමේන්තුවේ මා 2012-2015, 2016, 2017 වර්ෂවල ජ්‍යේෂ්ඨත්වයෙන් අඩු නිලධාරීන් යටතේ සිටීම, ඔවුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා මානසික පීඩාවන්ට ලක් වීම හේතුවෙන් මේ වන විට මටත් ජනරාල් තනතුරවත් ලබා දිය යුතුය.” මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න