ජනාධිපති නව මාධ්‍ය අධ්‍යක්ෂ සිසිර සෙන්පති කහවත්ත විසින් තල්පේ දුම්රිය ස්ථානය නවීකරණය කොට විවෘත කිරීම පිළිබඳ සිය මුහුණුපොතේ තබා ඇති සටහනක් අලලා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය තැබූ සටහනකි. මේක දාල තියෙන්නෙ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ කෙනෙක් වන සෙන්පති මල්ලි. ඌ ජ’පුර විශ්ව ව්ද්‍යාලයෙදි මට වඩා අවුරුදු දෙක තුනක් පහළ බැච් එකක හිටියෙ වෙන ෆැකල්ටියක. ඒ කාලෙත් ජේවීපි රැල්ලෙක්. ඌට වැරදි රස්සාවක් අනුර දීල තියෙන්නෙ, දෙන්න තිබ්බෙ අනාගතයෙදි විරුද්ධවාදීන් මර්දනය කරන්න හදනව නම් ඔය “කුරුඳු පොලු හමුදාව” වගේ එකක සහයකයෙකු විදියට. ඒකෙවත් අධ්‍යක්‍ෂ තනතුරක් නෙමෙයි! [ඕකා පොල්ලක් අරගෙන කැම්පස් එකේදි අපේ සෙට් එකට ගහන්න රැල්ලෙ ආව. මට හොඳට මතකයි ඒක. මම මේ ළඟකදි කතා කළාම ඌ කිව්ව “අයියව දැක්ක ගමන්, මම පොල්ල හැංගුව” කියල. මම ඇහැව්ව කොහෙද කියල “බෝගන්විලා පඳුර අස්සට දැම්ම” කියල. මම ඒක මාස කීපයකට ඉස්සෙල්ල ලීවත් එක්ක. හොඳ කොල්ලා] මේ පෝස්ට් එකෙන් තමා මම දැනගත්තෙත් “තල්පෙ රේල්වේ ස්ටේෂම” අද වෙනකන් පෞද්ගලික අංශයේ තිබිල, බිමල් ගිහින් ඒක “ජනසතු” කළා කියල. බිමලුත් ලැජ්ජාවෙන්න ඕන රෙද්දක් ඇරල plaque එක විවෘත කිරීම ගැන. බිමල් තමා ජවිපෙ ඉන්න මහන්සි වෙලා වැඩකරන නිහඬ චරිතය. ලෝකෙට නොපෙනෙන න්‍යායචාර්යවරයා. ඒ මිනිහවත් ජනාධිපති මාධ්‍ය අංශය කනවා, අනුරව කනව වගේ. අනුරගෙත් කොච්චර නරක ෆොටෝ රිලීස් කරනවද ජනාධිපති මාධ්‍ය අංශයක් විසින් නොකළ යුතු ආකාරයේ. මම නම් මුල් කාලෙ කියල අරිනව අදාල අයට වරදත් එක්කම කියල, ඒ ෆොටෝ එවෙලෙම අයින් කරල තියෙනව. දැන් නම් මගේ පුපේ අමාරුව හොඳ නිසා ඒව කියල දෙන්නවත් යන්නෙ නැහැ. නමුත් ඔය ගොං වැඩවලින් වෙන්නෙ ඒ මිනිහගෙ තියෙන පෞරුෂයත් බිඳවැටෙන එක. ඒකෙ ඉන්න ඕන ඒව ගැන තේරෙන අය. ඒ අයගේ වගකීම තමයි, නායකයගෙ පෞරුෂය පේන විදියට වගේම නැති ලක්ෂණ උනත් දියුණු කරන ගමන්ම වැදගත් පණිවිඩයක් සමාජයට දීම. මුන් කරන්නෙ තියෙන පෞරෂයටත් කෙලවන එක.” FB -emanisa මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න