මාලිමාවේ දෙහිවල – ගල්කිස්ස නාගරික මන්ත්‍රීනියකට කුඩ්ඩෙක්ගෙන් පිහිපාරක්!

දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ ජාතික ජනබල වේගයේ නාගරීක මන්ත්‍රීණි යාළිනි රාජේන්ද්‍රන් මහත්මියගේ දෙහිවල ග්‍රෙගරි පාරේ පිහිටි නිවසට ඇතුළුවූ කොල්ලකරුවකු විසින් තියුණු ආයුධයකින් (පිහියකින්) පහරදීම නිසා තුවාල ලබා තිබේ. මේ සිද්ධිය ඊයේ (03) දහවල් 2.30 ට පමණ සිදුව ඇති අතර, කොල්ලකරුවා විසින් මන්ත්‍රීවරියට අමතරව ඇයගේ පුතාට හා පියාට ද තුවාල සිදුකර ඇත. නිවස මංකොල්ල කෑමට මෙම පුද්ගලයා ඇතුලුවී නිවැසියන් කලබලවීම නිසා මන්ත්‍රීවරියගේ දකුණු අත කපා තුවාල සිදුකර, එයට මැදිහත්වූ  පුතාට ද තියුණු ආයුද ප්‍රහාරයක් එල්ල කර ඇත. සැකකරු අල්ලා ගැනීමට උත්සාහ කරද්දී පිත්තල මල්පෝච්චියකින් පියාගේ ඔලුවට ගසා බරපතල තුවාල සිදුකර ඇති බව පැවසේ. ඒ සමග නිවැසියන්ගේ කෑගැසීමට අසල්වාසීන් පැමිණ  අදාළ කොල්ල කරුවා අල්ලාගෙන ඇති බවද වාර්තා වේ. තුවාල කරුවන් දකුණු කොළඹ ශීක්ෂණ රෝහල වෙත ඇතුලත් කරනු ලැබ ඇත. කොල්ලකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙක් බවද පැවසේ.