ජනාධිපති කොච්චර බොරු කියනවද..- මිත‍්‍ර උවිදු

සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් රුපියල් බිලියනයක අපහාස වන්දියක් ඉල්ලමින් මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා වෙත යොමු කරන ලද එන්තරාවාසිය සම්බන්ධයෙන් මාධ්‍යවේදී උවිදු කුරුකුළසූරිය මහතා අදහස් පළ කරයි. තම සමාජ ජාල ගිණුමේ සටහනක් මගින් ඔහු මෙසේ පවසන්නේය. නලින්ද කාරිගෙන් බිලියනයක් ඉල්ලපු එකෙන් ආතල් ගන්නෙ ජේවීපී අය. එහෙත් ඒ අය දන්නෙ නැහැ කාරි තමයි ජවිපෙ ලංකා පත්තරේ පලවෙනි එඩිටර් සහ අවුරුදු පහක්ම ඒ තනතුර දැරුවෙ කියල. කාරි ඉන්නකොටත් පස්සෙත් ලංකා පත්තරේට කොච්චර එන්තරවාසි ආවද. අනික කොච්චර අතේ රෝල් ගැහැව්වද! කොච්චර බොරු ලීවද! මේ ඊයෙ පෙරේදත් ලංකා පත්තරේ මුල් පිටුවෙ ගියපු පච ඔක්කොම ප්‍රචාරය උනේ බුකියෙ. අනික ජනාධිපතිම කොච්චර බොරු කියනවද. ඉතිං මගේ යෝජනාව නඩු මගට බහින්නෙ නැතුව සාමකාමීව ප්‍රශ්නය විසදාගන්නා ලෙසයි. සාම සාකච්ඡා පටන් ගනියි හෙට අනිද්දම. දෙන්නගෙම එකගතාවයකුත් තියෙනව වගේ මට දැනෙන්නෙ. නඩුකීම කාලෙත් මුදලුත් විනාශවෙන 1/4කන්නි ක්‍රියාවලියක්! මම ඊයෙ පෝස්ට් එකේ අන්තිම වාක්‍යයේ, නඩු කියමු කාරි කියල කිව්වෙ ඒ එන්තරවාසියෙත් වැරදි තියෙන නිසා, මිසක නඩුකීමට උල්පන්දම් දෙන්න නෙමයි. උපහාසයට කිව්වෙ