ජොන්ස්ටන් හා බාල පුතා රිමන්ඩ්

සමූපකාර තොග වෙළෙ ඳ සංස්ථාවේ ලොරි රථයක් හා රියදුරෙකු පුතුන් දෙදෙනා අධ්‍යක්ෂ ධූරය හෙබ වූ පුද්ගලික සමාගමක එතනෝල් ප්‍රවාහනයට, රජයේ දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය හා රජයේ මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ඔහුගේ බාල පුත්‍රයා ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් කාංචනා එන් සිල්වා මහත්මිය අද (05) නියෝග කළාය.