රුපියල් කෝටි හතක් වටිනා ’’කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු , ඒවා ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’හරිත මාවත’’ (Green Channel) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කරමින් සිටියදී අද (07) දින උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.