සෙව්වන්දි රස පරීක්ෂකට යොමු කර පරීක්ෂණයකට අවසර ඉල්ලයි

පාතාල කල්ලි සාමාජික ගනේමුල්ලේ සංජීව අධිකරණ විත්ති කූඩුවේදී වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දී රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර මුහුණු පරීක්ෂණයක් සිදු කිරීමට අවසර දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසය අද (7) ඉල්ලා සිටියේය.