ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය අද (07) සවස 05.30 වන විට පොතුවිල් සිට 570 km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.0°N සහ දේශාංශ 86.8°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.