ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විධායක නිලධාරීන්ගේ සංගමය එහි සාමාජිකයන්ගේ දරුවන් ඇගයීම වෙනුවෙන්, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඇතුළු වරාය බලධාරීන්ගේ ප්‍රධානයෙන් පසුගියදා පැවැත්වූ ත්‍යාග හා සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයක් පිළිබඳව වරාය විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කර ඇති බව වරාය අධිකාරියේ නිලධාරීහු පවසති.