ට‍්‍රම්ප් වැසියන්ට ඩොලර් ලක්‍ෂය බැගින් දී ග‍්‍රින්ලන්තය ඇමරිකාවට පවරා ගන්න යයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම සඳහා විවිධ විකල්ප කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, එහි වැසියන් දිරිමත් කිරීම සඳහා සෘජු මූල්‍ය ප්‍රතිලාභ ලබා දීමට ද වයිට් හවුස් බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. රොයිටර් පුවත් සේවය උපුටා දක්වමින් වාර්තා වන අන්දමට, ග්‍රීන්ලන්තයේ වෙසෙන 57,000ක් පමණ වන සෑම පුරවැසියෙකුටම ඇමරිකානු ඩොලර් 10,000 සිට 100,000 දක්වා මුදලක් ගෙවීමට ඇමරිකානු රජයේ නිලධාරීන් සාකච්ඡා කර ඇත. මෙම වැඩපිළිවෙළ සඳහා ඇමරිකානු රජයට ඩොලර් බිලියන 6ක් දක්වා මුදලක් වැය වනු ඇතැයි ගණන් බලා තිබේ. මෙම මූල්‍ය දිරිගැන්වීමේ මූලික අරමුණ වන්නේ ග්‍රීන්ලන්ත වැසියන් ඩෙන්මාර්කයෙන් වෙන් වී ඇමරිකා එක්සත් ජනපදය හා එක්වීමට පෙළඹවීමයි. උපායමාර්ගික වැදගත්කම සහ ඛනිජ සම්පත් ආක්ටික් කලාපයේ රුසියාවේ සහ චීනයේ වර්ධනය වන බලපෑම හමුවේ ග්‍රීන්ලන්තය ඇමරිකානු ආරක්ෂාව සඳහා අතිශය තීරණාත්මක බව ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කර ඇත. මීට අමතරව, ජංගම දුරකථන, පරිගණක සහ බැටරි නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය වන දුර්ලභ ඛනිජ සම්පත් රැසක් ග්‍රීන්ලන්තය සතු වීම ඇමරිකාවේ විශේෂ උනන්දුවට හේතු වී තිබේ. දැනට මෙම ඛනිජ සම්පත් සැපයුම සම්බන්ධයෙන් චීනය සතු ඒකාධිකාරී බලය බිඳ දැමීම ඇමරිකාවේ අපේක්ෂාවයි. ජාත්‍යන්තර විරෝධය සහ නේටෝ සංවිධානයේ අනාගතය කෙසේ වෙතත්, මෙම යෝජනාවට ග්‍රීන්ලන්තයෙන් සහ යුරෝපා රටවලින් දැඩි විරෝධයක් එල්ල වී ඇත. ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍ය ජෙන්ස්-ෆ්‍රෙඩ්රික් නීල්සන් ප්‍රකාශ කර ඇත්තේ ග්‍රීන්ලන්තය විකිණීමට නොමැති බවත්, ඈඳා ගැනීම් පිළිබඳ මනඃකල්පිතයන් නතර කළ යුතු බවත්ය. ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, පෝලන්තය, ස්පාඤ්ඤය සහ ඩෙන්මාර්කය යන රටවල් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත්තේ ග්‍රීන්ලන්තයේ අනාගතය තීරණය කිරීමේ අයිතිය ඇත්තේ එහි වැසියන්ට සහ ඩෙන්මාර්කයට පමණක් බවයි. ඇමරිකාව ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවයට හානි කළහොත් එය නේටෝ සංවිධානයේ බිඳ වැටීමට පවා හේතු විය හැකි බවට ඩෙන්මාර්කය අනතුරු අඟවා ඇත. මෙම අරමුණ ඉටු කර ගැනීම සඳහා හමුදා බලය යොදා ගැනීම පවා මුළුමනින්ම බැහැර කළ නොහැකි බව ඇතැම් වාර්තා මගින් පෙන්වා දෙයි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න